Constantine TV Series



2014 වසරේ සිට 2015 වසර දක්වා තමයි මේ කතා මාලාව විකාශනය වුනේ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.5 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Fantasy, Horror කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. මෙම කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ කොමික් චරිතයක් මුල් කරගෙනයි. ඔයාලට කතා මාලාව ගැන දැනගන්න ඔන්න අපි පහල දාල තියෙනව බයිස්කෝප් අඩවියේ මේ කතා මාලාව ගැන පල වුනු ලිපියෙ උපුටා ගැනීමක්.

දැන් අපේ යාලුවො දන්නවනෙ මෙයා කොමික් චරිතයක් බව. හැබැයි, මෙයා සුපර් හීරෝ චරිතයක් නෙමේ. මේක ප්‍රතිවීර (Antihero – ඇන්ටිහීරෝ) චරිතයක්. (ඒ කියන්නේ සාමාන්‍ය වීරයන්ගේ දකින්න ලැබෙන උත්තම ගති ගුණ, පරමාදර්ශී බව, සදාචාරය වගේ දේවල් නැති චරිතයක්. හැබැයි දුෂ්ඨ චරිතයක්ම නෙමේ).

ඉතින්, කොමික් කතාවල දක්වලා තියෙන ආකාරයට මේ පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. සුදු කමිසයක්, කළු ටයි පටියක් සහ දුඹුරු පැහැයට හුරු ට්‍රේන්ච් කොට් එකක් තමයි මෙයාගේ ඇදුම. මෙයා ලග අධිස්වාභාවික, ගුප්ත දෑ ගැන තියෙන දැනුම බොහොම ඉහලයි. ඔහු දක්ෂ මායා කාරයෙක්, මන්ත්‍ර ගුරුකම් පිළිබද කෙළ පැමිණියෙක්, ගුප්ත දෑ පිළිබද රහස්පරීක්ෂකයෙක් වගේම කපටි රැවටිලි කාරයෙක් (Con-Man කෙනෙක්) ඒ විතරක් නෙමෙයි ඇස් බැන්දුම් කාරයෙකුත් වෙනවා (මැජික් ශිපියෙක්), කට කැඩිච්ච කතා කියන, අනුකම්පා විරහිත, කාවවත් නුරුස්සන පුදගලයෙක්. හැබැයි බොහෝ වෙලාවට ගැටළු වලට මුහුණ දෙද්දි ඔහු වැඩිපුර භාවිතා කරන්නේ තමගේ ගුප්ත දැනුම නොවෙයි කපටි කයිරාටිකමුයි වෙනත් දක්ෂකමුයි තමයි. ඒ වගේම කෙළවරක් නැති දුම් බීම ගැනත් ඔහු කුප්‍රකටයි. කොහොම වෙතත් ස්වර්ගයත් නිරයත් සමග නිතර ගැටෙන ඔහු මේ දෙකටම එරෙහිව මනුෂ්‍ය වර්ගයා ආරක්ෂා කරන මානව වාදියෙක්.

ඉතින් දැන් අපේ යාලුවො දන්නවනෙ අපේ කතා මාලාවෙ ඉන්න මොන වගේ පුද්ගලයෙක්ද කියන එක. ඉතින් අපි හිතනව ඔයාලත් මේ කතා මාලාවට ගොඩක් කැමති වෙයි කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Banshee TV Series



ඔන්න එහෙනම් අපි තවත් සුපිරි කතා මාලාවක් අරගෙන ආව අපේ යාලුවන්ට. මේ කතා මාලාව විකාශනය වුනේ 2013 වසරේ සිට 2016 වසර දක්වායි. IMDB දර්ශකයේ 8.4 ක ඉහල අගයකට හිමිකම් කියන මේ කතා මාලාව Action, Crime, Drama කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. කතා මාලාව ගැන අපේ යාලුවන්ට දැනගන්න ඔන්න සූම් අඩවියේ මේ වෙනුවෙන් පල කල ලිපියේ උපුටා ගැනීමක් පහල තියෙනව.

Banshee කියන්නේ ඇමරිකාවේ එක්තරා ගමක්. මේ ගම පිහිටා තියෙන්නේ නගරයෙන් හුඟක් ඈත්වයි. ඔය ගමට දැනට ඇමරිකාවේ සුප්‍රසිද්දම සොරා අවුරුදු පහලවක් හිරේ ඉඳලා නිදහස් වෙලා පැමිණෙනවා. ඒ ඔහුගේ පරණ පෙම්වතිය සොයාගෙන. ඒ ඔවුන් දෙදෙනා අවසන් වරට කරන ලස සොරකමෙන් සොරකන් කරන ලද දියමන්ති වල ඔහුගේ පංගුව ලබාගැනීමටයි. නමුත් ඇය තමාගේ ඇත්ත අනන්‍යතාවය වෙනස් කරමින් ව්‍යාජ නමකින් තමයි මේ ගමේ ජිවත් වෙන්නේ. ඒ වගේම මොවුන් දෙදෙනාව ඝාතනය කර දියමන්ති ලබාගැනීමට තවත් කොටසක් මොවුන්ව සොයනවා. නමුත් ඔහුට ඇයව මුණගැසෙන්න පෙර යම් සිද්දියකට මුහුණපාන්න සිදුවෙනවා. මේ හේතුව නිසා මේ රටේ සුප්‍රකට සොරාට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාවක් ලැබෙනවා. ඒ වෙන කිසිවකු නෙමෙයි එම නගරයට පැමිණෙන අලුත් ෂෙරිෆ් පොලිස් නිලධාරියා වීමටයි. මේ සිදුවීම වෙන්නේ ටිකක් අමුතුම ආකාරයට. ඔය අතර මෙම නගරයේ සෑම අපරාධ ක්‍රියාවක්ම මෙහෙයවන බලවත් පුද්ගලයෙක් සිටිනවා. ඔහු මේ අලුත් ෂෙරිෆ් සමඟ ටිකක් වෙනස් ආකාරයේ ගැටුමක් ආරම්භ කරනවා. 

ඔන්න ඕක තමයි කතා සාරාංශය වෙන්නේ. මේ කතාව තුල ඇක්ෂන්, සටන්, අඩුවක් නැතුව බලන්න පුළුවන්, ඇක්ෂන් චිත්‍රපටි වලට එහෙම ප්‍රියකරන ප්‍රේක්ෂකයින්ට මේ රුපවාහිනී කතා මාලාවට අනිවාර්යෙන් අසා කරයි. හැබැයි මෙය අතිශයින් වැඩිහිටියන්ට පමණක් වූ කතා මාලාවක්. විශේෂයෙන්ම යම් දර්ශන සහ භාෂාව නිසා තමයි එහෙම කියන්නේ. ඉතින් ඔයාලත් බලල තීරනය කරන්නකො කතාව කොහොමද කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Auschwitz The Nazis and the Final Solution TV Series



ඔන්න තවත් සුපිරි කතා මාලාවක් අරගෙන ආව අපේ යාලුවන්ට. මේක කතා මාලාවක් කිවුවට සත්‍ය කතාවක් මුල් කරගෙන නිර්මාණය වූවක්. කතාවෙන් කියවෙන්නෙ අවුෂ්විට්ස් සිර කඳවුර ගැනයි. මේ ගැන ගොඩක් දෙනෙක් අහලත් ඇති. නාසීන් විසින් යුදෙවුවන් ඝාතනය කිරීමට යොදා ගත් කදවුරක් තමයි මේක. මේකෙදි ඝාතනය වුනු යුදෙව්වන් ගණන මිලියනයක් පමණ වන බවයි පැවසෙන්නෙ. එය ලොකු කුඩා තරුණ මහළු භේදයකින් තොරව සිදු වුනු බවයි පැවසෙන්නෙ. කතා මාලාව ගැන තවත් දැනගන්න ඔන්න අපි පහල දාල තියෙනව බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියෙ උපුටා ගැනීමක්.

මේ කදවුර තුල සිදු වූ සංකීර්ණ ක්‍රියාවලිය සරලව විස්තර කරනවානම් මුලින්ම දුම්රියෙ පටෝගෙන ගෙනාපු මිනිස්සුන්ව දුම්රිය ස්ථානයේදීම වැඩ කළ නොහැකි විදියට වෙන් කරවනවා. මුල් කාලයේ මෙසේ ශ්‍රමය සූරාකන්න බැරි මහල්ලන්, කාන්තාවන්, ළමුන් කෙළින්ම වෙඩි තියලා මරලා දැමූ නමුත් එයින් ජර්මානු ඝාතකයින්ට සිදුවෙන මානසික අගතිය සලකලා බලලා ඔවුන් බොහොම උපායශීලී විසඳුමක් හොයාගනු ලබනවා. ඒ තමා ගෑස් කුටි. විෂබීජ නසන නෑමක් ලබාගැනීම සඳහා යැයි පවසා ඔවුන්ව නිරුවත් කොට තම දේපල හා ඇඳුම් පැළඳුම් පවා ආරක්ෂිතව තැබීමටයි පවසා එයිනුත් ආර්ථික වාසි ලැබීමට කොල්ලකනු ලබා ඔවුන්ව ගෑස් කුටියට යවනු ලබනවා. ඉන් පසු කෙළින්ම ආදාහනාගාර වල උදුන් වලට යවා සාක්ෂි නොමැති වීම පිණිස පුළුස්සා දමනු ලබනවා. සමහර වෙලාවට දිනගණන් එක දිගට පත්තු වෙච්ච ආදාහනාගාරවලින් පිරිමහන්න බැරිවී විශාල වළවල් වල මිනී සෑයවල් සාදනු ලබනවා. මේ සියල්ලට මූලිකත්වය දුන් එහි පාලක රුඩොල්ෆ් හොස් තම අවසානය තෙක්ම කිසි විටෙක මෙම ක්‍රියාවලියට කිසිම පසුතැවිල්ලක් දක්වන්නේද නැහැ.

ඉතින් කතාව බලාගෙන යනකොට ඔයාලට තේරේවි මොන තරම් දැරුණු දේවල් මේ කදවුර තුල සිදු වෙලා තියෙනවද කියන එක. IMDB දර්ශකයේ 8.7 ක වාර්තාගත අගයක් ලබා ගෙන තියෙන මේ කතා මාලාවට ඔයාලත් ගොඩක් කැමති වෙන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Teen Wolf TV Series



හැමදාමත් වගේ ඔන්න ඉතින් අදත් අපි ආව ඔයාලව බලන්න සුපිරි කතා මාලාවකුත් අරගෙන. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2011 වසරේදීයී. ඇමෙරිකාවෙ MTV නාලිකාවෙ විකාශනය වුනු මේ කතා මාලාව Action, Comedy, Drama කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. ඒ වගේම මේ කතා මාලාව IMDB දර්ශකයේ 7.7 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනව.

එහෙනම් ඉතින් කතා මාලාව ගැන දන්නෙ නැති යාලුවන්ට දැනගන්නත් එක්ක පුංචි විස්තරයක් කරන්නම්කො. අපේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ස්කොට් මැක්කෝල් කියන තරුනයයි. ඔහු උසස් පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. එතරම් කැපී පෙනෙන චරිතයක් නොවන ස්කොට් ගත කරන්නෙ සාමාන්‍ය ජීවිතයක්. නමුත් ඒ වැඩි කාලයකට නෙවෙයි. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන සිදු වීමකට ඔහුට මුහුන දෙන්න සිදු වෙනව.

දිනක් ස්කොට් තමන්ගේ හොදම යාළුව වෙන ස්ටිල්ස් එක්ක කැලෑවකට යනව මැරුනු මිනිස්සු දෙන්නෙක් කැලෑවෙන් හමු වෙලා කියන ආරංචිය ගැන බලන්න. මේ ගමනේදී ස්කොට්ට නොසිතූ දෙයකට මුහුන දෙන්න වෙනව. ස්කොට් නරවෘකයෙක්ගේ පහරදීමට ලක්වෙනව. මේ සිදු වීමෙන් අනතුරුව ස්කොට්වත් විටින් විට නරවෘකයෙක් බවට හැරෙනව. ඒ වගේම ඔහුට ඒකෙන් ලොකු ශක්තියකුත් ලැබෙනව. නමුත් ස්කොට් මේ සිදුවෙන දේට කැමති වෙන්නෙ නෑ. ඔහුට වුවමනා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි. මේ අතර ස්කොට්ගෙ ජීවිතයට ගැහැණු ලමයෙකුත් එනව. ඉතින් ස්කොට්ට වුවමනා තමන්ගේ අලුත් බලයෙන් කාටවත් හානියක් නොවී, ඒ රහස කිසිකෙනෙක් දැන නොගෙන සිටීමයි. නමුත් මේ දේ හරියයිද? මේ රහස හැමදාටමත් හංගගෙන ඉන්න ඔහුට පුලුවන් වෙයිද?



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Into the Badlands TV Series



2015 වසරේ AMC නාලිකාවේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව 8.1 ක ඉහල IMDB අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව. Action, Adventure, Drama කියන වර්ගයන් යටතට තමයි කතා මාලාව වර්ග කරන්න පුලුවන්. කතා මාලාව ගැන බයිස්කෝප් අඩවියේ පල කරන ලද ලිපිය ඔන්න අපි පහල දාල තියෙනව.

කතාව ගැන කියනවනම් මේක ගොඩ නැගිලා තියෙන්නෙ බැරන්වරුන් අතර ඇතිවන බල අරගලයක් වටායි. තේරෙන සිංහලෙන් කිව්වොත් සිටුවරුන් අතර ඇතිවන බල අරගලයක් වටා. සනී කියන්නෙ ක්විනින් කියන සිටුතුමා ලඟ වැඩ කරන ප්‍රධාන ක්ලිපර්වරයා. ඒ කියන්නෙ සිටුතුමාගේ ප්‍රධාන ආරක්ෂක වගේ තනතුරක්. මෙයා සිටුතුමාව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. සනී කියන්නෙ සටන් කරන්නම ඉපදුනු කෙනෙක් අපි එහෙම කියන්න හේතුව පලවෙනි කොටසෙ ඉඳලම ඔයාලට බලාගන්න පුලුවන්. අනිත් දේ තමයි මෙහෙ ජීවත් වෙන මිනිස්සු සිටුතුමාගේ වගාවන්වල නොමිලේ සේවය කරන්න ඕන ඒ වෙනුවෙන් සිටුවරයා එයාලට ආරක්ෂාව සලසනවා. ආරක්ෂාව කිව්වට අර අපි කවුරුත් දන්න වැඩවසම් සමාජ ක්‍රමයක් තමයි මෙහෙ ක්‍රියාත්මක වෙන්නෙ. මිනිස්සු වහල්ලු වගේ සිටුතුමාට සේවය කරන්න ඕන. ඊට අමතරව වහල්ලුන්ගෙ තරුණ දරුවන් අතරින් ශක්තිමත් අයට ක්ලිපර්වරයෙක් විදියට පුහුණුව ලබන්න අවස්ථාව ලැබෙනවා. ඒත් කිසි කෙනෙකුට රුදුරු බිමෙන් එහා ගිය ජීවිතයක් ගැන හිතන්නවත් අයිතියක් නැහැ. එහෙම බල කොටුවෙන් පිට වෙන්න උත්සාහ කලොත් ඒකට ලැබෙන දඩුවම තමයි මරණය. 

මේ අතරෙ එම්.කේ කියලා විශේෂ හැකියාවක් තියෙන කොලු ගැටයෙක් කතාවට සම්බන්ධ වෙනවා.විශේෂ හැකියාව මොකද්ද කියලා අපි කියන්න යන්නෙ නැහැ ඔයාලම බලන්නකො. අනිත් දේ තමයි මේක සටන් ජවනිකා පිරුණු කතා මාලාවක්. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් බව සහතික කරල කියන්න පුලුවන්. ඉතින් එම්. කේ ට සිටුතුමාගේ බලයට අභියෝග කරන්න පුලුවන් වෙයිද? සනීට ක්ලිපර් වරයෙක් විදියට හැමදාමත් සිටීද? 



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Legends of Tomorrow TV Series



2016 වසරේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.0 ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව. Action, Adventure, Drama වර්ගයන් යටතට තමයි මේ කතා මාලාව අයත් වෙන්නෙ. ඔයාල කවුරුත් දන්න කියන ඇරෝ සහ ෆ්ලෑශ් කතා මාලාවන්ගෙ චරිත එකතු කරල තමයි මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් ඔයාලත් ඇරෝ, ෆ්ලෑෂ් රසිකයන් නම් මේ කතා මාලාවටත් අනිවාර්යෙන්ම කැමති වෙයි. කතා මාලාව ගැන දැනගන්න නම් ඔන්න පහල දාල තියෙනව බයිස්කෝප් අඩවියෙන් උපුටා ගත් ලිපිය.

කතාවෙ අළුත් චරිතයක් විදිහට අපිට මුණ ගැහෙන්නෙ Rip hunter විතරයි. Rip hunter කියන්නෙ කාල තරණය කරන කෙනෙක්. ඔහු කාලය හරහා යන්නෙ ඔහුගේම සොයා ගැනීමක් වන Time Sphere යානාවෙන්. ඉතින් මේ චරිතය මුලින්ම ලෝක කොමික් රසික හමුවට එන්නෙ 1959 දී නිකුත් වුන DC comics Showcase #20 කොමික් කලාපයෙන්. ඉතින් Rip hunter ගැන දැනට එච්චරක් ඇති. අනිත් සියළු චරිත මීට කලින් අපිට ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා දෙකේදි මුණ ගැහිලා තියන අපිට ගොඩක් හුරු පුරුදු චරිත. සාරා ලාන්ස් (White canary), මහාචාර්ය ස්ටේයින් (firestorm), ජේ ජැක්සන් (firestorm), කෙන්ඩ්‍රා සෝන්ඩර්ස් (Hawkgirl), කාටර් හෝල් (Hawkman), රේ පාමර් (The ATOM), ලෙනාර්ඩ් ස්නාර්ට් (Captain Cold), මික් රෝරි (Heat wave) තමයි මේ කතාවෙ Legends ලා වෙන්නෙ. තව ඊට අමතරව රිවර්ස් ෆ්ලෑෂ්ගෙ කෘතිම බුද්ධිය වුන ගිඩියන්නුත් මේ කතාවෙ ඉන්නවා. ඒ වගේම ඇරෝ, ෆ්ලෑෂ් කතා මාලා දෙකේම අනිත් චරිතත් ඉඳලා හිටලා මේ කතාවෙදි බලා ගන්න පුළුවන් වේවි. ඉතින් හැම කතාවකම දුෂ්ඨයෙක් ඉන්නවනෙ. මේ කතාවටත් දුෂ්ඨයෙක් ඉන්නවා. ඒ තමයි අපිට තවත් හුරු පුරුදු චරිතයක් වුන වෙන්ඩ්ල් සැවේජ්. 206 වතාවක් Hawkgirl, Hawkman දෙන්නව මරලා දාපු වෙන්ඩ්ල් සැවේජ්.

මේ කතාව පටන් ගන්නෙ අනාගතයෙන්. විසි දෙවන සියවසෙන්. එහෙම නොවෙන්න විදිහක් නෑ කියලා තේරෙනවනෙ නේද කතාවෙ නම දිහා බැලුවම. ඉතින් හරියටම කිවුවොත් 2166 අවුරුද්දෙදි ලන්ඩන් වලින් තමයි මේ කතාව ආරම්භ වෙන්නෙ. මේ වෙද්දි වෙන්ඩ්ල් සැවේජ් මේ ලෝකෙම යටත් කරගෙන විනාශ කරලා ඉවරයි. ඉතින් වෙන්ඩ්ල් සැවේජ්ගෙ මේ දුෂ්ඨ ක්‍රියාකාරකම් වලක්වන්න Rip Hunter ටයිම් මැෂින් එකකින් 2016 අවුරුද්දට එනවා. ඇවිත් මම කලින් නම් සඳහන් කරපු හැමෝගෙන්ම ඉල්ලනවා වෙන්ඩ්ල් සැවේජ්ගෙන් අනාගත ලෝකට බේරගනන්න ඔහුට උදවු කරන්න කියලා. ඉතින් මේ කට්ටිය ඔහුට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? ඔවුන්ට වැන්ඩල් සැවේජ් පරාජය කිරීමට හැකි වෙයිද? මේ දේ කරන්න ඔවුන්ට කුමන අභියෝග වලට මුහුණ දීමට සිදු වෙයිද? මේ සියල්ලට පිලිතුරු දැනගන්න නම් ඔයාලත් මේ කතා මාලාව බලන්නම ඕනෙ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This