All Drivers In One DVD (All In One Driver Pack)


ඔන්න අදත් මම ඔයාලට සුපිරි භාණ්ඩයක් අරගෙන ආව. ඔයාලට මම හැමදාම අරගෙන එන්නෙ ටීවී සීරීස් එකක්, ෆිල්ම් එකක් වගේ දෙයක්නෙ. ඒත් මේ පාර අපි ඔයාලට අරගෙන ආවෙ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. ඇත්තම කියනවනම් ටීවී සීරීස් එකකට, ෆිල්ම් එකකට වඩා ගොඩක් වටින, වැදගත් දෙයක්. ඔයත් පරිගණකයක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාල ලග අනිවාර්යෙන්ම තියෙන්න ඕන සොෆ්ට්වෙයාර් DVD එකක් තමයි මම මේ පාර අරගෙන ආවෙ. 

ඔයත් තදින්ම පරිගණකය පාවිච්චි කරන කෙනෙක් නම් කාලයක් යනකොට ඔයාලගෙ පරිගණකයත් Slow වෙන බව ඔයාල හොදටම දන්න දෙයක්නෙ. ඉතිං එතකොට ගොඩ වෙදකම් කොරල කොරල එත් Speed එක වැඩි කරගන්න බැරි වුනොත් කරන්න තියෙන හොදම දේ කොම්පියුටර් කෑල්ල ෆෝමෑට් කරන එකනෙ. ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි කොම්පියුටරේ ෆෝමෑට් කරල, ඔක්කොම සොෆ්ට්වෙයාර් කෑලි ටිකත් ඉන්ස්ටෝල් කරල කම්මැලි කම යන්නත් එක්ක සිංදුවක් අහන්න හදනකොට මෙන්න බොලේ සිංදුව Play වෙන්නෙ නෑ. ඔන්න එතකොට තමයි මතක් වෙන්නෙ Drivers ටික දැම්මෙ නෑනෙ කියල. දැන් ඉතිං කොරහන්කො වැඩේ. ෆෝමෑට් කරන්න කලින් ඩ්‍රයිවර්ස් ටික අරගන්නත් බැරි වුනානෙ. දැන් ඉතිං ලෝකෙ පෙරල පෙරල හොයපංකො ඩ්‍රයිවර්ස්. 

බොහෝ දුරට ඔයත් මේ අකරතැබ්බයට මුහුණ දුන්න කෙනෙක් වෙන්න පුලුවන්. මේ ඩ්‍රයිවර්ස් හොයන සෙල්ලමේ තියෙන අමාරුව මම නම් හොදටම දන්නව. මොකද ඒ දවස් වල මටත් මේ කරදරේට මුහුණ දෙන්න වුනානෙ. මම එක පාරක් මගේ පරිගණකයට ඩ්‍රයිවර්ස් හොයාගන්න බැරිව කම්පියුටර් රෙපෙයාර් කරන තැනකට අරගෙන ගියා. අපරාදෙ කියන්න බෑ ගිහිල්ල විනාඩි පහක් යන්නත් කලින් මට ඩ්‍රයිවර්ස් ටික නම් දාල දුන්න. ඒ වගේම තමයි අපරාදෙ කියන්න බෑ වැඩේ කරල ඉවරවෙලා රුපියල් 400 ක්ම අරගත්ත. විනාඩි පහේ වැඩේට රුපියල් 400 ක්... 

ඒත් දැන් ඔයාලට ඕනෙම වෙලාවක ඔයාලගෙ පරිගණකය ෆෝමෑට් කරන්න පුලුවන් කිසිම බයක් නැතිව. ඩ්‍රයිවර්ස් බැකප් ගන්න දගලන්න ඕනෙත් නෑ, ෆෝමෑට් කරල ඉවර වෙලා ඩ්‍රයිවර්ස් හොය හොය හැමතැනම දුවන්න ඕනෙත් නෑ. කොම්පියුටර් රෙපෙයාර් කරන තැන් වලට ගිනි ගනන් දෙන්න ඕනෙත් නෑ. මොකද අපි අද ඔයාලට දෙන DVD එකේ ඕනෙම පරිගණක උපාංගයකට හරියන ඩ්‍රයිවර්ස් විශාල ප්‍රමාණයක් ඇතුලත් වෙනව. උපාංග දහස් ගනනකට හරියන ඩ්‍රයිවර්ස් මේ DVD එකේ අන්තර්ගත වෙනව. ඒ වගේම තමයි මේ DVD එක පාවිච්චි කරන්න ඔයාලට ලොකු දැනුමක් අවශ්‍යය වෙන්නෙ නෑ. පරිගණක පිලිබද සුළු දැනුමක් තියෙන කෙනෙකුට උනත් මේ DVD එක පාවිච්චි කරල ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. ඒ වගේම දැනට පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ඩ්‍රයිවර්ස් වල බැකප් එකක් පහසුවෙන් ලබා ගන්නත් මේ DVD එක භාවිත කරන්න ඔයාලට පුලුවන්. පරිගණකයේ දැනට ඉන්ස්ටෝල් කරල තියෙන ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්නත් මේ DVD එක තුලින් ඔයාලට හැකියාව තියෙනව. ඔයාලට නිතරම අවශ්‍යය වෙන සොෆ්ට්වෙයාර් කිහිපයකුත් මේ DVD එකේ අන්තර්ගත වෙනව. 

මෙම ඩ්‍රයිවර්ස් DVD එක භාවිත කරන්නේ කෙසේද? 

ඉතාමත් පහසු පියවර කිහිපයකින් ඔබට මෙම DVD එක භාවිත කර ඔබගේ පරිගණකයට සියළුම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගත හැක. 

★ පලමුව අපගේ DVD තැටිය ඔබගේ DVD Rom එකට දමන්න. 

★ එවිට DVD තැටියෙහි ඇති වැඩසටහන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේවි. 

★ පසුව ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කල යුතු ඩ්‍රයිවර්ස් සියල්ලම ඔබට පෙන්වනු ඇත. 

★ ඔබ කල යුත්තේ ඔබට අවශ්‍යය ඩ්‍රයිවර්ස් ටික ඉදිරියෙන් ඇති කොටුව මත ක්ලික් කර ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර ගැනීම පමණි. 

ඔබ මෙම ඩ්‍රයිවර්ස් DVD එක භාවිත කල යුත්තේ ඇයි? 

★ ඕනෑම පරිගණකයකට ඉතාමත් පහසුවෙන් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර ගත හැකි නිසා.

★ ඔබගේ කාලය සහ මුදල් ඉතිරි කර ගත හැකි නිසා. 

★ එකම DVD තැටියකින් සියළුම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර ගත හැකි නිසා. 

★ අන්තර්ජාල පහසුකම නැති පරිගණකයකදී වුවද පහසුවෙන් භාවිත කල හැකි නිසා.

★ ඕනෑම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සමග භාවිත කල හැකි නිසා. (Windows 8 / 7 / Vista / XP | 32 bit & 64 bit) 

මෙම ඩ්‍රයිවර්ස් DVD එකෙහි අන්තර්ගත ඩ්‍රයිවර්ස් සහය දක්වන උපාංග කිහිපයක් පහත දැක්වේ 

Acer, ASUS, HP, Dell, MSI, Samsung, Toshiba, Sony, Lenovo, Fujitsu, Fujitsu Siemens, eMachines, Packard Bell, Clevo, BenQ, Notebook, IBM, Apple, Intel, LG, Compaq, Depo, NEC, Gericom, Matsushita, Medion, K-Systems, Gigabyte, SiS, Gateway යන සමාගම් වල නිෂ්පාදනය කර ඇති Motherboard, sound card (audio), Video Card, Network Card, Wi-Fi, chipset, controller, Bluetooth (bluetooth), Modem, Web-camera, card reader, CPU, input devices, monitor, printer, scanner, USB වැනි උපාංග බොහෝ ප්‍රමාණයකට මෙම DVD තැටියෙහි අන්තර්ගත ඩ්‍රයිවර්ස් සහය දක්වයි. ඒ වගේම මේ DVD තැටිය භාවිතා කර ඕනෑම ලැප්ටොප් පරිගණකයකටද ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර ගත හැක. 

ඉතින් දැන් ඔයාලටත් තේරෙනව ඇතිනෙ මේ DVD එක ඔයාලට කොච්චර වැදගත්ද කියල. ඉතිං මේ DVD එක රුපියල් 125 ක් වැනි ඉතාමත් පහසු මිලකට ගෙදරටම ගෙන්න ගන්න දැන් ඔයාලටත් පුලුවන්. කම්පියුටර් රෙපෙයාර් කරන තැනකට අරන් ගියොත් ඔයාලට එක පාරකට ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කරන්නත් මීට වඩා ගානක් යනව. ඉතිං ඔයාලටත් මේ DVD එකේ වටිනාකම තේරෙනව නම් පහත දැක්වෙන ඕනෙම දුරකථන අංකයකින් අපව සම්බන්ධ කරගෙන මේ DVD එක ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාල මේ ගැන වැඩි විස්තර දැනගන්නත් පුලුවන්.

★ මෙම ඩ්‍රයිවර්ස් DVD තැටිය ඔබගේ නිවසට එවීම සදහා තැපැල් ගාස්තු අය නොකෙරේ ★

Contact Us : 0772599499 / 0771764615 / 0776623869 / 0712257001
Our Facebook Community : https://www.facebook.com/tvshowslk