Supergirl TV Series



ඔන්න ඉතින් අපි අදත් ආව සුපිරි කතා මාලාවකුත් අරගෙන ඔයාලව හම්බවෙන්න. ඇත්තම කියනව නම් සුපිරි කතා මාලාවක් විතරක්ම නෙමෙයි, සුපිරි කෙල්ලෙක්වත් අරගෙන තමයි අද අපි ඔයාලව හම්බවෙන්න ආවෙ. කතා මාලාවෙ නම දැක්ක ගමන්ම ඔයාලට තේරෙනවනෙ මම කියන්නෙ කොයි වගේ කෙනෙක් ගැනද කියල.

මේ කතා මාලාවෙ නම දැක්ක ගමන්ම ඔයාල කොයි කාටත් මතක් වෙන කෙනෙක් ඉන්නවනෙ. ඔවු ඔවු සුපර්මෑන් තමයි. ඇත්තටම මේ කතා මාලාව සුපර් මෑන් එක්ක සම්බන්ධ කතා මාලාවක් තමයි. අපේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ කාරා. කාරා කියන්නෙ ක්ලාක් (සුපර්මෑන්ගෙ) ඥාති සහෝදරියක්. ඔයාල හැමෝම සුපර්මෑන් ගැන දන්නවනෙ. සුපර්මෑන් පෘතුවියට ආවෙ වෙනත් ග්‍රහලෝකෙක ඉදලනෙ. ඒ ග්‍රහලෝකෙ ඉදන්ම තමයි කාරත් පෘතුවියට එන්නෙ. මේ දෙන්නවම එකම වෙලාවෙ තමයි පෘතුවියට එවන්නෙ. නමුත් අතරමගදි සිදු වෙන කරදරයක් නිසා කාරගෙ යානය පෘතුවියට එන්නෙ ක්ලාක්ගෙ යානය ඇවිල්ල වසර ගනනාවකට පසුවයි.

කොහොම නමුත් කාරා පෘතුවියට එනකොට තාමත් ඉන්නෙ ඇගේ ග්‍රහලෝකෙන් පිටත් වුන වයසෙමයි. ඉතින් සුපර්මෑන් ඇයව හදා වඩා ගන්න පවුලකට භාර දෙනව. ඉතින් කාලය ගත වෙනකොට කාරගෙ හැකියාවන් ටිකෙන් ටික එලියට එනව. හරියට අපේ සුපර්මෑන් කොල්ලට උනා වගේම. කාරට තියෙන්නෙත් සුපර්මෑන්ට තියෙන හැකියාවන්ම තමයි. ඉතින් මේ කතා මාලාවෙන් ඔයාලට පුලුවන් ඇය තමන්ගෙ හැකියාවන් භාවිතා කරල නපුර පරද්දන හැටි බලාගන්න.

ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනෙ මේ කතා මාලාව ඔයාල කොයි කවුරුත් දන්න Arrow සහ Flash කතා මාලාවනුත් එක්ක සමහර අවස්ථාවන් වලදී සම්බන්ධ වෙන බව. ඉතින් ඔයාලත් Arrow සහ Flash කතා මාලාවන් බලන කෙනෙක් නම් මේ කතා මාලාවත් බලන්න ගොඩක් කැමති වෙයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work