Forever TV Series



2014 සිට 2015 දක්වා විකාශනය වුනු මේ කතා මාලාව IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.3 ක් වැනි ඉහල අගයක් ලබා ගැනීමට සමත් වුනු කතා මාලාවක්. මෙම කතා මාලාව Crime, Drama, Fantasy යන වර්ගයන් යටතට බෙදා දැක්විය හැක. කතා මාලාව පිලිබද බයිස්කෝප් අඩවියේ පල වුනු ලිපියේ උපුටා ගැනීම පහතින් බලන්න.

මේ කතා මාලාවත් ඔයාල දන්න කියන ෂර්ලොක් කතා මාලාව වගේම කතා මාලාවක්. ඉතින් ෂර්ලොක් කතා මාලාවන්ට ආස කරන අය නම් මේ කතා මාලාව අනිවාර්යෙන්ම නරඹන්න ඕනෙ. අපේ කතාවේ එන ප්‍රධාන චරිතය තමයි ඩොක්ටර් හෙන්රි මෝගන්. එයා නිව්යෝක් නගරයේ ඉන්න වෛද්‍ය පරීක්ෂකයෙක්. ඒ කියන්නේ හෙන්රි තමයි අපේ ෂර්ලොක් චරිතය. ඒත් මේ චරිතයට ෂර්ලොක්ට නොතිබුනු හැකියාවක් පිහිටල තියෙනව. ඒක තමයි හෙන්රි අමරණීය කෙනෙක්. ඒ කියන්නේ මෙයාව මරන්න බෑ. ඒ කියන්නේ මැරුවත් ආයෙත් එනවා. මෙයාව වයසට යන්නේ නෑ. හෙන්රිගේ වයස දැන් අවුරුදු 200ක් වෙනවා. ඒ කියන්නේ දැනට අවුරුදු 200කට කලින් අප්‍රිකාවේ වහල් වෙලඳාම් කරන නැවක හෙන්රි වෛදය සේවය කරනවා. ඒ වෙලාවේදී නැවේ කෙනෙක් බෝවෙන රෝගයක් තිබෙන ලෙඩෙක්ව මරන්න යනකොට හෙන්රි ඒක වලක්වනවා. ඒ හේතුවෙන් එයාලා හෙන්රිවත් මරලා මුහුදට දානවා. ඒ අවස්ථාව තමයි හෙන්රි මුලින්ම මැරුණු මොහොත සහ ඔහු අමරණීය බව දැනගන්නා අවස්ථාව. ඒ කියන්නේ හෙන්රි කොහේදී හරි මැරුනොත්,එයාව ක්ෂණයකින් අතුරුදහන් වෙලා. ඒ අසල තියන වතුරෙන් ඇඳුම් නැතුව එයා ආයෙත් මතුවෙනවා. ඉතින් හෙන්රිගේ මේ අමරණීය ජීවිතය එය හිතන්නේ සාපයක් කියලා. එයා ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. ඉතින් මේ හැමදෙයක්ම පදනම් උනාම එයාට තියෙනවා බොහොම දක්ෂ නිරීක්ෂණ හැකියාවක් සහ තීක්ෂණ බුද්ධියක්. මේ වෙනකොට හෙන්රිට බිරින්ඳෑවරු දෙන්නෙක් ඉඳලා තියනවා. එයාගේ මුල්ම බිරිඳට එයාගේ මේ අමරණීය බව කියන්න ගිහින් අන්තිමේ එයා හෙන්රිව මානසික රෝහලකට යවනවා. ඒවගේම හෙන්රිගේ දෙවෙනි බිරිඳ තමයි ඇබිගෙල්. ඇය නම් හෙන්රිගේ මේ රහස ගැන දන්නවා. ඒ වගේම දෙවෙනි ලෝක යුද්ධ කාලයේදී හෙන්රි එක්ක ලෙඩ්ඩුන්ට බෙහෙත් කරපු ඇය හෙදියක්. ඒ තමයි හෙන්රිගේ අතීත කතාවේ මතකයන් ටිකක්. හැබැයි බොහොම ටිකයි කිව්වේ බොහොම කෙටියෙන්.

වර්තමාන කතාව මෙහෙමයි. හෙන්රි එක්ක දැන් ජීවත්වෙන්නේ ඒබ්‍රහම් කියලා කෙනෙක්. එයා විතරයි හෙන්රිගේ මේ රහස දන්නේ. ඒබ්‍රහම් කියන්නේ හෙන්රිගේ කව්ද කියලා ඔයාලාට කතාව බලද්දී තේරෙයි. ඉතින් හෙන්රි වැඩකරන්නේ නිව්යෝක් නගරයේ වෛද පර්යේෂණායතනයේ. අපරාධවලට සම්බන්ධ මලසිරුරු ගැන තමයි පරීක්ෂණ කරන්නේ.එතන එයා එක්ක සහයට ඉන්නවා ලූකස් කියලා කෙනෙක්. මිනිහා නම් හැබැයි ටිකක පිස්සු ඩයල් එකක්. හෙන්රිගේ සහයකයා එයා තමයි. ඒ වගේම මේ කතාවෙ තවත් එක් ප්‍රධාන චරිතයක් ඉන්නව. ඒ තමයි පොලිස් පරීක්ෂක ජෝ. කතා මාලාවෙ හෙන්රිට උදවු කරන තවත් කෙනෙක් තමයි ඇය. කතාව ගැන කල විස්තර ඇති කියල අපි හිතනව. ඔයාලම බලන්න ඉදිරියට හෙන්රි මොන වගේ දේවල් කරාවිද කියලා, එයා මොනතරම් දක්ෂ විදියට අපරාධ විසඳාවිද කියලා, එයාට තව කීපාරක් නම් මැරෙන්න වේවිද කියලා. එහෙනම් ඒ සේරම ඔයාලාට බාරයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work