Agent Carter TV Series



ඔන්න එහෙනම් අපේ මාර්වෙල් රසිකයන්ට තවත් සුපිරි කතා මාලාවක් අරගෙන ආව. මේ කතා මාලාව විකාශනය වුනේ 2015 වසරේ සිට 2016 වසර දක්වායි. IMDB දර්ශකයේ 8.0 ක අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව Action, Adventure, Sci-Fi යන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. ඔන්න එහෙනම් අපේ යාලුවන්ට කතා මාලාව ගැන හොදින්ම දැනගන්න බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල කල ලිපියේ උපුටා ගැනීමක් පහත දාල තියෙනව.

Captain America පළමු චිත්‍රපටයෙන් හමු වුනු කැප්ටන්ගේ සිත් ගත් ප්‍රියම්බිකාව වන පෙගී කාටර් වටා තමයි මේ කතාව ගොඩනැඟෙන්නේ. ඒ වගේම කතා මාලාවේ ආරම්භය සනිටුහන් වන්නේ, කැප්ටන් ඇමෙරිකා පළමු චිත්‍රපටයේ අවසානයත් එක්කයි. ඔයා ශීල්ඩ් කතා මාලාව බලපු කෙනෙක් නම් දන්නවා ඇති, ඒ වගේම මාර්වල් චිත්‍රපට ගැන දන්නා අය හොඳින්ම දන්නවා ඇති, S.H.I.E.L.D සංවිධානය පිහිටුවන්න කලින් තිබුණු SSR (Strategic Scientific Reserve) එක ගැන. මෙන්න මේ සංවිධානයේ තමයි පෙගී කාටර් තම වැඩ රාජකාරි කරන්නේ. ඉතින් කතා මාලාවෙ තියෙන්නෙ පෙගී කාටර් SSR එකත් එක්ක එකතු වෙලා කොහොමද තම රාජකාරිය කරගෙන යන්නෙ කියන එකයි. එහෙනම් ඉතින් කතා මාලාව කොහොමද කියල හරියටම දැනගන්න නම් ඔයාලටත් වෙනව මේ කතා මාලාව අරගෙනම බලන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work