Dark Matter TV Series



2015 වසරේ SYFY නාලිකාවේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.5 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Sci-Fi, Thriller කියන වර්ගයන් යටතට වෙන් කල හැකියි. කතා මාලාව ගැන අපේ යාලුවන්ට දැනගන්න ඔන්න අපි බයිස්කෝප් අඩවියේ මේ කතා මාලාව වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහත දාල තියෙනව.

කතාව ආරම්භයේදීම කට්ටියට දකින්න පුළුවන් විනාස වෙච්ච යානයක් සහ නින්දෙන් ඇහැරෙන 6 දෙනෙක්. හැබැයි මේ හය දෙනාගෙන් කාටවත් මතක නැහැ තමන් කවුද ඒ යානයේ මොනවාද කරන්නේ කියලා? කට්ටියට නම් මතක නැති නිසා කට්ටිය ඇහැරුණු පිළිවෙලට නම් දාගන්නවා. one, two, three, four, five, six ආදීවශයෙන්. ඇත්තටම ගැටලුවක්නේ . මේ 6 දෙනාගෙන් 5දෙනෙක් කවුද කියන එකටනම් පිළිතුරක් හම්බවෙනවා. නමුත් ඒක එයාලා හීනෙකින්වත් නොහිතපු විදිහේ දෙයක්.නමුත් තවත් ප්‍රශ්න ඉතුරුයි.

ලොකුම ප්‍රශ්නේ තමයි කවුද මොකක් නිසාද කවද්ද කොහොමද මෙයාලගේ මතකය නැතිවුනේ ? ඒක අනතුරක් නොවන බවනම් මෙයාලා දැනගන්නවා. ඉතින් දැන් මේ අය ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය තමයි කිසිම දෙයක් මතකයේ නැතිව තමන්ට වුන දේ ගැන හොයාගන්නේ කොහොමද කියන එක? ඒ අභියෝගය ඔවුන් ජයගනිවිද කියලා බලන්න ක්‍රියාදාමයන් තියෙන මේ කතාමාලාව හැමෝටම නරබන්න කියලා ආරාධනය කරනවා. අපි විශ්වාස කරනව මේ කතා මාලාවට ඔයාල ගොඩක් කැමති වේවි කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work