Designated Survivor TV Series



ඔන්න තවත් සුපිරි කතාවක් අරගෙන ආව අපේ යාලුවන්ට. මේ කතාවෙ ප්‍රධාන චරිතය ගැන නම් ඔයාලට හදුන්වල දෙන්න ඕනෙම නෑ. ඔයාල කොයි කවුරුත් දන්න 24 කතා මාලාවෙ ප්‍රධාන චරිතය වෙන ජැක් බවර්ට පණ පොවපු Kiefer Sutherland තමයි මේ කතාවෙත් ප්‍රධාන චරිතය වෙන්නෙ. ඉතින් කතාව කොයි තරම් හොදට ඇතිද කියල ඔයාලට හිතාගන්න පුලුවන්නෙ. 2016 වසරේ තමයි කතා මාලාව විකාශනය ආරම්භ කලේ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.9 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Thriller කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. අපි එහෙනම් කතා මාලාව ගැන පොඩ්ඩක් දැනගමුකො.

ඇමරිකාවෙ සියලුම මැති ඇමතිවරු සහ ජනාධිපතිවරයා එකම ස්ථානයකට රස් වෙලා ඉන්න වෙලා විශාල බෝම්බ පිපුරුමක් වෙනව. මේකෙන් සියලුම කැබිනට් සාමාජිකයන් මිය යනව. නමුත් එක් පුද්ගලයෙකුට පමණක් මේ ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට හැකි වෙනව. ඒ තමයි අපේ කතා නායකය. ඉතින් ඔහු නොහිතපු විදිහට ජනාධිපති තනතුර ඔහුට හිමි වෙනව. ඉතින් ඔයාලට කතාවෙන් බලාගන්න පුලුවන් ඉදිරියට කවුද මේ බෝම්බ පිපුරුම පිටුපස ඉන්නෙ, මොකක් නිසාද එහෙම දෙයක් කරන්නෙ, හදිසියේම ජනපති වුනු අපේ කතා නායකයට මොන වගේ අභියෝග වලට මුහුන දෙන්න වෙයිද කියල. එහෙනම් ඔයාලටත් පුලුවන් මේ කතාව බලල මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work