Something About 1 Percent TV Series



කොරියානු කතා මාලාවන්ට කැමති අපේ යාලුවන්ට ඔන්න තවත් ලස්සන කතා මාලාවක් අරගෙන ආව. මේ කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ 2016 වසරේයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.7 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Romance කියන කාණ්ඩය යටතේ වර්ග කරන්න පුලුවන්. එහෙනම් ඉතින් අපේ යාලුවන්ට කතාව ගැන හොදින්ම දැනගන්න බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියෙ උපුටා ගැනීමක් පහල දාල තියෙනව.

ලී ජේ ඉන් කියන්නේ හරිම මුරණ්ඩු අහංකාර තරුණයෙක් එයාට තව ටේ හා කියලා ඥාති සහෝදරයෙකුත් ඉන්නවා. මේ දේනනා තමයි කොරියාවේ ධනවත් ව්‍යාපාරයක් වුන එස් එච් සමූහයේ මුණුබුරන් දෙන්නා. මේ එස් එච් සමූහයේ සභාපතිතුමා, නැත්නම් මේ තරුණයන් දෙන්නගෙ සීයාගෙ සූදානම තමන්ගේ ව්‍යාපාර අනාගතයේ බාරදෙන්න සුදුසු කෙනාව හොයන්නයි. ඇත්තටම නම් සීය ගොඩක්ම කැමති තමන්ගේ ලොකු මුණුබුරා වුන ලී ජේ ඉන් ටයි. ඒත් ඔහුගේ මුරණ්ඩුකම නම් සීයටවත් මට්ටු කරන්න පුලුවන් එකක් නෙවෙයි. ඔන්න දවසක් සීයට හමුවෙනවා අපූරු ගෑණු ළමයෙක්. එයා තමයි කිම් ඩා හයින්. එයා බාලාංශ තුරුතුමියක්. හරිම කරුණාවන්ත ලී ජේ ඉන් තරමටම මුරණ්ඩු කෙනෙක්. ඉතින් මේ ගෑණු ළමයව හමුවුනාම සීයා හිතනවා මෙයා තමයි මගේ මුණුබුරාව මට්ටු කරන්න පුලුවන්ම කෙනා කියලා. ඉතින් සීයා ඒ ගැන හොඳට හිතලා මෙන්න සැලසුමක් හදනවා. ඉතින් කතා මාලාව බැලුවොත් ඔයාලටත් පුලුවන් සීය හදන මේ සැලසුමෙන් මේ දෙන්නගෙ ජීවිතේ මොන විදිහට වෙනස් වෙයිද කියල බලාගන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work