Spellbinder TV Series



ලොකු පොඩි කවුරුත් ආසාවෙන් බලපු කතා මාලාවක් අරගෙන තමයි අද අපි ඔයාලව හම්බවෙන්න ආවෙ. මේ කතා මාලාව ඉංග්‍රීසි නමින් ගොඩක් අය දන්නෙ නැති වුනත් මායා බන්ධන කිවුවොත් නම් නොදන්න කෙනෙක් නැති තරම්. මේක ඒ තරමටම ජනප්‍රිය වුනු කතා මාලාවක්. 1995 වසරේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.2 ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව. මෙම කතා මාලාව Adventure, Family, Fantasy යන කාණ්ඩයන් යටතේ වර්ග කිරීමට පුලුවන්. කතාව ගැන හැමෝම දන්න නිසා පුංචි විස්තරයක් විතරක් කරන්නම්කො.

අපේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ පෝල්, රියාන, බ්‍රයන්, කත්‍රිනා, ඇලෙක්ස් කියන කට්ටිය තමයි. දවසක් පෝල්ගෙ පාසලෙන් අධ්‍යාපන චාරිකාවක් යනව. මේ චාරිකාව අතරතුරදි එකපාරටම වෙනත් මානයකට යන්න පුලුවන් දොරක් විවර වෙනව. කොහොමින්හරි පෝල්ව අනෙක් මානයේ හිර වෙනව. ඔහුට දැන් ඔහුගේ ලෝකයට එන්න විදිහක් නෑ. ඔහු වැරදීමකින් යන ලෝකෙදි ඔහුට රියාන කියන ගැහැනු ලමයව හම්බවෙනව. ඒ වගේම මේ ලොකෙදි පෝල්ට විශාල කරදර ගොඩකට මුහුන දෙන්න වෙනව. ඉතින් පෝල්ට පුලුවන් වෙයිද ආයෙත් තමන්ගෙ ලෝකෙට එන්න. ඔහුට මොන වගේ කරදර වලටද මුහුණ දෙන්න ලැබෙන්නෙ. මේ දේවල් දැනගන්න ඔයාලටත් පුලුවන් මේ ලස්සන කතා මාලාව බලන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work