Stranger Things TV Series



2016 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.9 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Fantasy, Horror කියන කාණ්ඩයන් යටතේ වර්ග කිරීමට හැකියි. කතා මාලාව ගැන බයිස්කෝප් අඩවියේ පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහතින් බලන්න පුලුවන්.

නාගරික නොවුන පිටිසර පෙදෙසක තියන ස්ථානයක සිදුවෙන සිදුවීමකින් තමා කතාව පටන් ගන්නේ. පොඩි ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉඳලා ගෙදර යමින් ඉන්නවා. ඒත් ඒ හැම පොඩි ළමයෙක්ටම කරදරයකින් තොරව ගෙදරට යාගන්න බැරි වෙනවා. නොසිතූ අකරතැබ්බකට මේ එක් ලමයෙක්ට මුහුණදෙන්න වෙනවා. හැමෝම හිතන්නේ මේ “විල් බයර්ස්” කියන ළමයා සාමාන්‍ය විදියට අතුරුදහන් වෙලා කියලා. ඔය අතරේ මේ පුංචි නගරයෙන් හිටිහැටියේම අමුතු වෙනත් ළමයෙක් මතු වෙනවා. ඉතින් විල් බයර්ස්ට මොකද වෙලා තියෙන්නේ, කව්ද මේ අමුතු අනිත් ළමයා කියල දැනගන්න කතාව බලන්න. ඔයාලත් මේ කතා මාලාවට ගොඩක් කැමති වෙයි කියල අපි විශ්වාස කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work