The Heirs TV Series



2013 වසරේ තමයි මෙම කොරියානු කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ. IMDB දර්ශකයේ 7.6 ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙන මේ කතා මාලාව Comedy, Drama, Romance යන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. කතාව පිලිබද පැහැදිලි අදහසක් ගැනීම සදහා Zoom අඩවියේ මේ කතා මාලාව ගැන පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහල දාල තියෙනව.

කොරියාවෙ SBS නාලිකාවෙන් ජනතා අතරට පත්වූ මෙය ඉතාමත් පෝසත් පවුලක පිරිමි ලමයෙක් වටා ගෙතෙන කතාවක් ඔහු නමින් Kim Tan. ඔහු බඳින්න ඉන්න කෙල්ල තමයි Rachel Yoo කියන්නේ. ඇයත් පෝසත් පවුලක කෙල්ලෙක්. ඉතිං ඔවුන්ගෙ ආදර පලහිලව්ව යන අතරතුර තවත් අහිංසක ගැහැනු ලමයෙකු කතාවට ඇතුල් වෙනවා. ඇය Kim Tan ට මුන ගැසෙන්නෙ අහම්බෙන්. හෝටල් වල වැඩකරලා හරිම අමාරුවෙන් හම්බකරලා ජීවත් වන්න හදන ඇය Kim Tan ගෙ හිතගන්නවා. දැන් එක කොල්ලෙක්ට ආදරේ කරන කෙල්ලො දෙන්නෙක්. ඉතිං අපි බලමු අහිංසක දුප්පත් කෙල්ලද සත්‍ය ආදරය ජයගන්නේ නැත්නම් පෝසත් නපුරු කෙල්ලද සත්‍ය ආදර ජය ගන්නෙ කියලා. මේ ආදර කතාව කොයි විදිහට ඉවර වෙයිද කියල දැනගන්න නම් ඔයාලටත් වෙනව කතා මාලාව බලන්න. ඔයාලත් මේ ආදර අන්දරයට කැමති වෙන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work