Trollhunters TV Series



ඇනිමේශන් සීරීස් බලන අපේ යාලුවන්ට ඔන්න තවත් සුපිරි ඇනිමේශන් සීරීස් එකක් අරගෙන ආව. DreamWorks නිර්මාණයක් වෙන මේ සීරීස් එක විකාශනය ආරම්භ කලේ 2016 වසරේයි. IMDB දර්ශකයේ 8.5 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Animation, Adventure, Comedy කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. කතාව ගැන දැනගන්න ඔන්න අපි Zoom අඩවියේ මේ කතාව ගැන පල වුනු ලිපියෙ උපුටා ගැනීමක් පහලින් දාල තියෙනව.

කුරුමිට්ටො සහ මිනිස්සු අතර තමයි කතාව ගලාගෙන යන්නෙ. මේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ ආර්කේඩියා කියන නගරය. ඉතින් මේ නගරය යටින් ජිවත් වෙනවා අමුතු ජිවින් කොට්ඨාසයක්. ඒ තමයි කුරුමිට්ටෝ. මෙයාල මිනිස්සු අතරේ සැගවිලා තමයි ඉන්නේ. මේ කුරුමිට්ටො අතරෙත් ඉන්නවා හොද අයයි නරක අයයි. නරක කුරුමිට්ටන්ට ඕනේ මනුෂ්‍ය වර්ගයා විනාශ කරලා ලෝකෙ තනිකර කුරුමිට්ටන්ගේ අතට ගන්න. ඉතින් මේ හොද කුරුමිට්ටො නපුරු කුරුමිට්ටන්ව අදුරු දුපතක හිරකරල තමයි ආර්කෙඩීයාවට ඇවිත් ඉන්නෙ. ඒත් මේ නපුරු කුරුමිට්ටන්ගේ නායකයාගෙ පුතා මේ අදුරු දුපත් වලින් නිදහස් වෙලා ආපහු ඒ හිරවෙච්ච අයව නිදහස් කරගන්න තමයි උත්සාහ කරන්නෙ. ඒ තමයි බුලාර්. ඉතින් මේ නරක කුරුමිට්ටන්ගෙන් හොද අයව ආරක්ෂා කරන්න මායා පලකයක් තියනවා. ඒ පලකයෙන් තොරගන්න කෙනා තමයි කුරුමිටි ආරක්ෂකයා වෙන්නෙ. බුලාර්ට අදුරු දුපත් වලින් එයාගෙ නපුරු වර්ගයාව නිදහස් කරගන්න නම් පලකය අවශ්‍ය වෙනවා. ඉතින් මේ බුලාර් එතකොට හිටපු කුරුමිටි ආරක්ෂකයා වෙන කන්ජිගර්ව මරණවා. නමුත් මේ හැම කුරුමිට්ටන්ටම පොඩි ප්‍රශ්නයක් තියනවා. ඔවුන්ට හිරු එලියට නිරාවරණය වෙන්න බැ. ඔවුන්ව ගල් වෙනවා. ඉතින් කන්ජිගාර්ගේ අන්තිම සටනෙන් ඔහු හිරු එලියට නිරාවරණය වෙලා ගල් පිලිමයක් වෙනවා. 

ඊට පස්සේ පලකය ඊලගට තෝරගන්නේ මනුෂ්‍යයෙක්. ඔන්න මෙයා තමයි කතාවේ ප්‍රධානියා. ජිම් ලේක් ජුනියර්. පලකය මනුෂ්‍යයෙක්ව තොරගන්න ඇත්තෙ හිරු එලියට බාධාවක් නැති නිසා වෙන්න ඕනේ. ඉතින් මේ කුරුමිට්ටො ගැන කිසි දෙයක් දන්නෙ නැති ජිම්ගේ ලොකය උඩු යටිකුරු වෙලා යනවා මේ පලකයේ තෝරාගැනිමත් එක්ක. එයාට ලෝක දෙකක ආරක්ෂාකරු විදියට කාලය ගෙවන්න වෙනවා. තනියම නම් නෙමෙයි. මෙයාගෙ කන්ඩායමේ තව යාලුවෝ ටිකක් ඉන්නවා. ඔහුගේ මිත්‍රයෝ ටොබ්ස්, ක්ලේරි ටොම්ව ආරක්ෂකයෙක් විදියට පුහුණු කරන්න ඉන්නේ කුරුමිට්ටන්ගෙන් බ්ලින්කි. තව ආර්ග් කියල කුරුමිට්ටෙකුත් ඉන්නවා. මේ කටිටිය එකතුවෙලා ලෝක දෙකක් ආරක්ෂා කරන හැටි තමයි කතාවෙ ගලාගෙන යන්නෙ. ඉතින් මේ ජිම්ට බූලර් පරද්දන්න පුළුවන් වෙයිද. ඒ වගේම ජිම්ට ගොඩක් භයානක දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් කතාවෙ ඉතිරි ටික දැනගන්න නම් ඔයාලට වෙනව කතා මාලාව බලන්න. ඔයත් ඇනිමේශන් සීරීස් වලට ආස කෙනෙක් නම් මේ කතා මාලාවට කැමති වෙන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work