The Originals TV Series



2013 වසරේ විකාශනය ආරම්භ කල මෙම කතා මාලාව The Vampire Diaries කතා මාලාවෙහි අතුරු කතා මාලාවක් ලෙස නිකුත් වූවකි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.3 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Fantasy, Horror යන කාණ්ඩයන් යටතේ වර්ග කල හැක. කතා මාලාව පිලිබද බයිස්කෝප් අඩවියේ පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහතින් දක්වා ඇත.

පවුල යනු බලයයි.. (Family is power) යැයි ප්‍රථම වැම්පයර් ගෝත්‍රය එකිනෙකට දිවුරනු ලැබුවේ අවුරුදු දහස් ගණනකට ප්‍රථමය. ඔවුන් සෑමවිටම හා සදාකාලිකවම එකට සිටීමට පොරොන්දු වී සිටියේය. දැන්, ශත වර්ෂ ගණනක් පසුවී හමාරය. පවුලේ බැඳීම් බිඳී ගිහින්ය. කාලය, ශෝකාන්ත සිද්ධි සහ බලයට ඇති කෑදරකම ප්‍රථම වැම්පයර් ගෝත්‍රික පවුල පලුදු කර ඇත.

කලින් නිව් ඔර්ලන්ස් නගරය අත්පත් කරගෙන සිටියේ ප්‍රථම වැම්පයර් ගෝත්‍රය වන නමුත් ඔවුන්ගේ පලුදුවීම හමුවේ නගරය මාෂල් නම් සාමාන්‍ය වැම්පයර් කෙනෙකුගේ ආධිපත්‍යයට ග්‍රහණය වී ඇත. Vampires, Werewolfs, Hybrids පිරි මෙම නගරයේ සියලු දෙනා එකිනෙකාට පරයා යාමට උත්සහ ගනී. ප්‍රථම ගෝත්‍රික පවුල නැවත එකතු වේවිද ? ඔවුන් නැවත එම නගරයේ පාලනය අත්පත්කර ගනීවිද? දැනගන්න නම් ඔයාටත් වෙනව මේ කතා මාලාව බලන්න. 



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work