The Punisher TV Series


ඔන්න එහෙනම් අපේ යාලුවො කවුරුත් ආසාවෙන් මග බලන් හිටපු කතා මාලාවක් අරගෙන ආව. මේ කතා මාලාව නිකුත් වුනේ 2017 වසරේදීයි. IMDB දර්ශකයේ 9.5 ක වාර්තාගත අගයකට හිමිකම් කියන්න සමත් වුනු මේ කතා මාලාව Action, Adventure, Crime කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. මේ කතා මාලාව The Punisher කියන චිත්රපටය මුල් කරගෙන නිර්මාණය වූවක්. කතාව මොන වගේද කියල අපේ යාලුවන්ට පුංචි හැදින්වීමක් කරන්නම්.
අපේ කතා නායකය වෙන්නෙ ෆ්රෑන්ක් කියන ඇමරිකානු මැරීන් සෙබලෙක්. ඔහු යුධ පිටියේ විශිෂ්ට දස්කම් පෑ සෙබලෙක්. ආයුධ හැසිරවීම පිලිබද මනා හැකියාවක් තියෙන පුද්ගලයෙක් කියල කියන්න පුලුවන්. ඔහුගේ පවුලට සිදු වන දරුණු අපරාධයක් හේතුවෙන් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට වැටෙනව. අපරාධකරුවන්ගේ ප්රහාරයක් නිසා ඔහුගේ බිරිද සහ දරුවන් මිය යනව. ෆ්රෑන්ක් මේ වෙනුවෙන් නීතියේ පිහිට පැතුවත් ඔහුට දැනගන්න ලැබෙනව මේ ප්රහාරය පිටුපස පොලීසියද සිටින බව. ඉතින් ඔහු තීරණය කරනව තමන්ට සිදු වූ අපරාධයට යුක්තිය තමන් විසින්ම ඉටු කර ගැනීමට. ඔහු එම අපරාධකරුවන් සොයා ගොස් ඔවුන්ට දඩුවම් දීමට පටන් ගන්නව. අන්න ඒ නිසා තමයි ඔහුට පනිෂර් යන නම පටබැදෙන්නෙ. ඉතින් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ සුපිරි කතා මාලාව නරඹන්න කියල. ඔයාලත් මේ කතා මාලාවට කැමති වෙන බව නම් නොඅනුමානයි.