Vampire Detective TV Series



2016 වසරේ තමයි මේ කොරියානු කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.3 ක අගයක් හිමි කර ගැනීමට සමත් වුනු මේ කතා මාලාව Crime යන කාණ්ඩය යටතේ වර්ග කරන්න පුලුවන්. මේ කතාව ගෙතිල තියෙන්නෙ රහස් පරීක්ෂකයෙක් වටා. ඔහු සාමාන්‍ය රහස් පරීක්ෂකයෙක් නම් නෙවෙයි. ඒ කියන්නෙ ඔහු වැම්පයර් රහස්පරීක්ෂක කෙනෙක්. කතා මාලාව ගැන හොදින්ම දැනගන්න ඔන්න අපි පහලින් දාල තියෙනව බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක්.

කතාව පටන් ගන්නෙ අමුතුම විදිහකටයි. අපෙ රහස් පරීක්ෂකතුමාව ඒ කියන්නෙ Yoon San (Lee Joon) ව වැම්පයර් කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා අපිට මුලින්ම දැනගන්න පුලුවන්. කතාව පටන් ගන්නෙ අවු. කීපයකට කලින් වෙන සිද්දියකින්. යාළුවො තුන් දෙනෙක් ඉන්නවා. කෙල්ලයි කොල්ලො දෙන්නයි. තුන් දෙනාම පොලිසියෙ. දෙන්නෙක් ආදරවන්තයෝ. මේ තුන් දෙනාට රහස් මෙහෙයුමක් ලැබෙනවා ආයතනයෙන්. කොහොම හරි මෙහෙයුම අතර තුරදි කෙල්ලව අහු වෙනවා. අහු වුනත් එයාගෙ කොල්ලයි යාලුවයි ඇවිත් බේර ගන්නවා. බේර ගෙන ටික දුරක් යනකොට වාහනේ නවත්තලා කෙල්ල බැහැලා යනවා. අනිවාර්යෙන්ම ඉතින් කොල්ලත් බහිනවා. වැඩේ කියන්නෙ කොල්ලට කෙල්ල වෙඩි තියනවා. වෙඩි තිබ්බට මැරෙන්නෙ නෑ කොල්ලා. කෙල්ල වාහනේට නැඟලා යනවා. වැඩි දුර යන්න කලින් වාහනේ පුපුරලා කෙල්ලයි යාළුවයි මැරෙනවා. ඕක තමයි අතීත කතාව. ඒත් දැන් අවු.5කට පස්සෙ,

මෙයා පොලිසියෙන් අයින් වෙලා පුද්ගලික රහස් පරීක්ෂකයෙක් විදියට වැඩ කරනවා තවත් කෙනෙක් එක්ක. නිකන් ෂර්ලොක් සහ වොට්සන් වගේ. මෙයාලව හම්බෙන්න කෙල්ලෙක් එනවා. එයාගෙ කොල්ලා රෑට රෑට එළියට යනවා ගිහින් එද්දි ඇගේ ලේ තියෙනව කියලා. ඒ වගේම ගෑණු කෙනෙක්ව හම්බෙනව කියලත්. ඒ ගෑණු කෙනාගෙ පින්තූරයක් අරන් තියෙනවා ඒත් මූණ පේන්නෙ නෑ. මාලෙ විතරක් පේනවා. මාලෙ අයිති අපෙ රහස් පරීක්ෂකතුමාගෙ මැරුණ ගෑණු ලමයට කියලා එයාට තේරෙණෙව. ඉතින් ඔන්න දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනව හැමෝම ඉදිරියේ. මැරුණු කෙනාගෙ මාලෙ කොහොමද මෙතනට ආවෙ. ඒ දේවල් දැනගන්න නම් ඔයාලටත් වෙනව මේ අපූරු කතාව බලන්න. කොරියානු කතා මාලාවන්ට ආදරය කරන ඔයාල මේ කතාවටත් කැමති වෙයි කියල අපි විශ්වාස කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work