Dragons: Race to the Edge TV Series



ඔන්න එහෙනම් අපේ යාලුවන්ට තවත් ලස්සන ඇනිමේශන් සීරීස් එකක් අපි අරගෙන ආව. ඔයාල කොයි කවුරුත් දන්න How to Train Your Dragon චිත්‍රපටය මුල් කරගෙන තමයි මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ කතා මාලාවට කලින් Dragons: Riders of Berk කියල තවත් කතා මාලාවක් විකාශනය වුනා. ඉතින් ඔයාල මේ කතා මාලාව බලන්න හිතනව නම් ඒකත් බලන්න ඕනෙ කියල අපි නිර්දේශ කරනව. මොකද ඒ කතා මාලාව ඉවර වෙන තැන ඉදල තමයි මේක පටන් ගන්නෙ.

2015 වසරේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.5 ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් වුනු මේ කතා මාලාව Animation, Adventure, Comedy යන කාණ්ඩයන් යටතේ වෙන්කර දැක්විය හැකියි. 

How to Train Your Dragon 2 චිත්‍රපටිය බලපු යාළුවන්ට නම් සිද්ධ වෙනවා ඒ කතාව පොඩ්ඩක් අමතක කරලා දාලා මේක බලන්න. මොකද මේ කතා සමය පටන් ගන්නෙ How to Train Your Dragon 2 චිත්‍රපටියෙ කතාවට ටික කාලෙකට කලින් බර්ක් වල සිදු වුණ දේවල් ගැන. ඒ කියන්නෙ Dragons Riders of Berk දෙවනි කතා සමයෙන් වසර තුන හමාරකට පසු සහ How to Train Your Dragon 2 චිත්‍රපටියෙ කතාවට වසර එක හමාරකට පෙර.දැන් හිකප් සහ අපේ යාළුවො ටික තරුණ උදවිය.මේ පාර හිකප් සහ යාළුවො ටික එයාලගෙ මකරු එක්ක කරන වික්‍රමාන්විත වැඩ ටික තමයි මේ කතා මාලාවෙ තියෙන්නෙ. චිත්‍රපටය වගේම කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් බව වගකීමෙන් කියන්න පුලුවන්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work