Cash On Deliver | පාර්සලය ලැබුනු පසු ගෙවීමේ ක්‍රමය

දැන් ඔබට පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමයක්ද අප විසින් හදුන්වා දී ඇත (VPP). මෙම සේවාව ඉල්ලුම් කිරීම සදහා ඔබ මිලදී ගන්නා පාර්සලයෙහි වටිනාකම අවම වශයෙන් රු.2000 ක් විය යුතුය. මෙම සේවාව සදහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ. මෙය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා තැපැල් සේවාව මගිනි. ඔබ මෙම සේවාව තෝරා ගත්තේ නම් ඔබගේ පාර්සලය අප විසින් තැපැල් කර දින තුනක් හෝ හතරක් ඇතුලත ඔබට පාර්සලය ලබා ගැනීමට පැමිනෙන ලෙස දන්වා ලිපියක් ලැබෙනු ඇත. එවිට ඔබ කල යුත්තේ ඔබ ප්‍රදේශයේ තැපැල් කාර්‍යාලයට ගොස් පාර්සලයෙහි වටිනාකම ගෙවා එය මිලදී ගැනීමයි.



මෙම සේවාව මගින් එවනු ලබන පාර්සල් තැපැල් කාර්‍යාලය තුල දින පහක කාලයක් නොමිලේ රදවා ගන්නා අතර එම කාලයට වඩා වැඩි කාලයක් රදවා ගන්නා පාර්සල් සදහා ගබඩා ගාස්තු ගෙවීමට සිදු වේ. එසේ ගෙවීමක් සිදු කල යුතු නම් එය ඔබ විසින් දැරිය යුතු වේ. එබැවින් පාර්සලය තැපැල් කාර්‍යාලයට ලගා වී ඇති බව ඔබට දැනුම් දුන් විට හැකි ඉක්මනින් එය ලබා ගැනීමට කටයුතු කරන්න.

වැඩි විස්තර සදහා අපව අමතන්න : 0772599499 | 0715259606
අපගේ ෆේස්බුක් පිටුව : https://www.facebook.com/tvshowslk/